චීනයේ e-Commerce

Source: http://blogs.uwa.edu.au/consulpedia/files/2016/08/shutterstock_193920317-e1415290116100-15olkra.jpg

කවුරුත් දන්න දෙයක්නේ ඉතින් චීනය කිව්වහම ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන කරන රට කියල. ඉස්සර නම් අපි ඉලෙක්ට්‍රොනික් බඩු කිව්ව ගමන් ඔලුවට එන්නේ ජර්මනිය, ජපානය වගේ රටවල්. දැන්නම් ඉතින් ලෝකේ තියන හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම වගේ හදන්නේ චීනයේ. 

සරලවම කව්වොත් ඇපල් iPhone එක නිෂ්පාදයනය කරන්නෙත් චීනයේ. 

ඉතින් ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන් ඇතිනේ මේවගේ ලෝකෙටම ඕන කරන ඉලෙක්ට්‍රික් බදු හදන්න කොච්චර ලොකු නිෂ්පාදනයක් ඕනවෙනවද කියල!

දැන් දැන් චීනයේ ගොඩක් දෙනෙක් මේ බඩු ගන්න කඩවල් වලට යන එක පොඩ්ඩක් අඩුවෙලා තියනවා. මොකද දැන් චීනයේ හැමෝම වගේ පුරුදු වෙලා තියනව e-Commerce වෙබ් අඩවි වලින් බඩු ගෙදරටම ගෙන්න ගන්න.

e-Commerce කිව්වහම ඉතින් ඔගොලොන්ට අලුත් දෙයක් නෙමෙයි නේ? ලංකාවෙත් ගොඩක් අය e-Bay එකෙන් තමන්ට ඕනකරන පොඩි පොඩි දේවල් ගෙන්න ගන්න එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. 

හැබැයි චිනේනම් ඉතින් පාවිච්චි වෙන්න Amazon, e-Bay එහෙම නෙමෙයි. එහෙ තියනවා එගොලොන්ටම අවේනික වෙච්ච වෙබ් අඩවි. වෙබ් අඩවි කියල කිව්වට අතලොස්සයි පරිගණකයකින් බඩු ගෙන්නගන්නේ. හෙමෝම වගේ මේ ආයතන වලින් හදල තියන app එක තමයි පාවිච්චි කරන්නේ. 

Taobao (තවොබවෝ) 淘宝

මේක තමයි චීනයේ තියන විශාලතම e-Commerce සේවාව. මේකේ පටන්ගෙන තියෙන්නේ ලෝකප්‍රකට ජැක් මා (Jack Ma), Alibaba නිමතෘවරයා. මේක හරිම සරල සේවයක්. ගන්න ඕන බඩුව search කළා, Alipay එකෙන් app එක අතුලේදීම සල්ලි ගෙව්වා, එච්චරයි! 

සාමානයෙන් මේ සේවාවෙන් ඕනෑම දෙයක් ගන්න පුළුවන්. මේකෙම තියනව TMall කියල තවක් සේවයක්. එක හරියට මේකෙම primium සේවයක් වගේ. උදාහරණයක් විදියට ටිකක් quality එකෙන් වැඩි දෙයක් ගන්න ඕනනම් බලන්න ඕන TMall එකේ. 

JD (JingDong)  (ජිංදොං) 京东

මේකත් තවොබවෝ වගේම සේවයක්. හැබැයි මේකේ පවුද්ගලික වෙළෙන්දෝ වගේම මේ ආයතනය මගිනුත් විකුණන බඩු තියනව. ඒවිතරක් නෙමෙයි මේගොල්ලන්ගේ බඩු deliver කරන වෙගෙයත් ගොඩක් ඉක්මන්. සරලවම කිව්වොත් සමහර බඩු පැය 8-12ත් අතර කාලෙකින් ගෙන්නගන්න පුළුවන්.


  

Comments