චීනයේ e-Commerce
Source: http://blogs.uwa.edu.au/consulpedia/files/2016/08/shutterstock_193920317-e1415290116100-15olkra.jpg කවුරුත් දන්න දෙයක්නේ ඉතින් චීනය කිව්වහම ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන කරන රට කියල. ඉස්සර නම් අපි ඉලෙක්ට්‍රොනික් බඩු කිව්ව ගමන් ඔලුවට එන්නේ ජර්මනිය, ජපානය වගේ රටවල්. දැන්නම් ඉතින් ලෝකේ තියන හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම වගේ හදන්නේ චීනයේ. සරලවම කව්වොත් ඇපල් iPhone එක නිෂ්පාදයනය කරන්නෙත් චීනයේ. ඉතින් ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන් ඇතිනේ මේවගේ ලෝකෙටම ඕන කරන ඉලෙක්ට්‍රික් බදු හදන්න කොච්චර ලොකු නිෂ්පාදනයක් ඕනවෙනවද කියල! දැන් දැන් චීනයේ ගොඩක් දෙනෙක් මේ බඩු ගන්න කඩවල් වලට යන එක පොඩ්ඩක් අඩුවෙලා තියනවා. මොකද දැන් චීනයේ හැමෝම වගේ පුරුදු වෙලා තියනව e-Commerce වෙබ් අඩවි වලින් බඩු ගෙදරටම ගෙන්න ගන්න. e-Commerce කිව්වහම ඉතින් ඔගොලොන්ට අලුත් දෙයක් නෙමෙයි නේ? ලංකාවෙත් ගොඩක් අය e-Bay එකෙන් තමන්ට ඕනකරන පොඩි පොඩි දේවල් ගෙන්න ගන්න එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි චිනේනම් ඉතින් පාවිච්චි වෙන්න Amazon, e-Bay එහෙම නෙමෙයි. එහෙ තියනවා එගොලොන්ටම අවේනික වෙච්ච වෙබ් අඩවි. ...