චීනයේ සල්ලි ගෙවන ලේසි ක්‍රමය (AliPay)
Source : https://www.jetco.com.hk/images/photos/Logo-alipay.jpg
AliPay නැත්නම් චීන භාෂාවෙන් Zhīfùbǎo (支付宝 ) කියන්නේ අපි කවුරුත් දන්නා Alibaba සමාගම මගින් නිෂ්පාධිත සේවාවක්. මේක බොහොම සරලයි. මේක mobile app එකක් විදියට තමන්ගේ phone එකේ install කරගන්න පුළුවන්.
දැන් චීනයේ ජීවත්වෙන වෙනෙකුට wallet එකක් පාවිච්චි කරන්න ඕනෑම නැති තරම්. මොකද මේ සේවාව wallet එකකින් කරන වැඩ සේරම කරනවා. ඒකියන්නේ මුදල් ගෙවීම් සහ හුවමාරු සම්බන්ද ඕනෑම දෙයක්, film ticket ගන්න, බිල් ගෙවන්න, phone එකට reload දාන්න වගේ ඕනෑම මේ app එකෙන් කරන්න පුළුවන්.
කොහොමද මේක වැඩ කරන්නේ?
උදාහරණයක් විදියට එළවලු මාකට් එකකින් බඩු ගන්න හියොත් මුදලාලි මහත්තයට cash දෙන්න ඕන නැහැ. මේකෙන් ගෙවන ක්‍රම 2ක් තියනවා. පලවෙනි ක්‍රමය තමයි කඩේ මුදලාලි මහත්තය ගාව තියන phone එකේ හරි, print කරලා තියන හරි QR code එක scan කරන එක විතරයි. ඊටපස්සේ ඊටපස්සේ තමන්ට යවන්න ඕන ගාන ගහල password එක ගහන ඕන. (phone එකේ fingerprint scanner එක්ක තියනවනම් password එක ගහන්න ඕනත් නැහැ, ඇඟිල්ල තියල confirm කරන්න පුළුවන්). මේ ක්‍රමය ගොඩක් පාවිච්චි කරන්නේ පොඩි කඩ වල, පාරේ කෑම විකුණන වෙළෙන්දෝ, ඒවගේම online services. මේ ක්‍රමයේදී අපි ගෙවන්න තියන ගාන system එකට ඇතුළු කරන්න ඕන.
Source: http://www.afr.com/content/dam/images/g/v/e/s/n/7/image.imgtype.afrArticleInline.620x0.png/1491481539221.jpg
දෙවෙනි ක්‍රමය තමයි, තමාගේ phone එකේ තිය QR code එක කඩේ තියන barcode scanner එකෙන් scan කරන එක. මේ වැඩේ කරන්න නම් cash regiter එකක් තියන කඩයක් වෙන්න ඕන. අනිත් එක තමයි මේ cash register එක AliPay එකක් එක්ක සම්බන්ද කරලා තියෙන්නේ ඕන. මේ ක්‍රමය ගොඩක්ම පාවිච්චි වෙන්නේ සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ වල. මේ ක්‍රමයේදී ගෙවන්න ඕන ගැන අපි ඇතුල් කරන්න ඕන නැහැ. Cash register එකේ තියන ගැන ඉබේම ගන්නවා.
Source: http://scanova.io/blog/wp-content/uploads/2016/05/samsung-alipay-qr-code.jpg
මම මේකේ දකින දකින විශේෂත්වය තමයි වයස් බේදයක්, සමාජ පන්ති බේදයකින් නැතුව හැමෝම වගේ පාවිච්චි කරනවා. ඒක නිසා චීනයේ නෝට්ටු, කාසි පාවිච්චිය සෑහෙන්න අඩුවෙලා තියනවා. ඒවගේම තමයි ඕනෑම කඩේක AliPay පාවිච්චි කිරීමේ හැකියාව තියනවා.
මම නම් පවුද්ගලිකව මේක දකින්නේ හොඳ දෙයක් විදියට. මොකද මාරු සල්ලි හොයන්න කරදර වෙන්න ඕන නැහැ. ඒවගේම බොරු පෝලින් වල ඉන්න ඕන නැහැ. බඩු ගත්ත, scan කල, ගියා!

Comments
Post a Comment