චීනයේ සල්ලි ගෙවන ලේසි ක්‍රමය (AliPay)
Source : https://www.jetco.com.hk/images/photos/Logo-alipay.jpg AliPay නැත්නම් චීන භාෂාවෙන් Zhīfùbǎo (支付宝 ) කියන්නේ අපි කවුරුත් දන්නා Alibaba සමාගම මගින් නිෂ්පාධිත සේවාවක්. මේක බොහොම සරලයි. මේක mobile app එකක් විදියට තමන්ගේ phone එකේ install කරගන්න පුළුවන්. දැන් චීනයේ ජීවත්වෙන වෙනෙකුට wallet එකක් පාවිච්චි කරන්න ඕනෑම නැති තරම්. මොකද මේ සේවාව wallet එකකින් කරන වැඩ සේරම කරනවා. ඒකියන්නේ මුදල් ගෙවීම් සහ හුවමාරු සම්බන්ද ඕනෑම දෙයක්, film ticket ගන්න, බිල් ගෙවන්න, phone එකට reload දාන්න වගේ ඕනෑම මේ app එකෙන් කරන්න පුළුවන්. කොහොමද මේක වැඩ කරන්නේ? උදාහරණයක් විදියට එළවලු මාකට් එකකින් බඩු ගන්න හියොත් මුදලාලි මහත්තයට cash දෙන්න ඕන නැහැ. මේකෙන් ගෙවන ක්‍රම 2ක් තියනවා. පලවෙනි ක්‍රමය තමයි කඩේ මුදලාලි මහත්තය ගාව තියන phone එකේ හරි, print කරලා තියන හරි QR code එක scan කරන එක විතරයි. ඊටපස්සේ ඊටපස්සේ තමන්ට යවන්න ඕන ගාන ගහල password එක ගහන ඕන. (phone එකේ fingerprint scanner එක්ක තියනවනම් password එක ගහන්න ඕනත් නැහැ, ඇඟිල්ල තියල confirm කරන්න පුළුවන්). මේ ක...